GIT-03 Number Systems සංඛ්‍යා පද්ධති

සංඛ්‍යා පද්ධති Number Systems  

මේ යටතේ සංඛ්‍යා පද්ධති 4ක් ගැන ඉගෙන ගන්නවා

  • Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Binary Number System (ද්විමය/දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Octal Number System (අෂ්ටමය/අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Hexa-Decimal Number System (දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)

 Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)

මේ අපි දැනටමත් දන්න වැඩියම භාවිත වෙන සංඛ්‍යා පද්ධතිය, උදාහරණයක් විදිහට 2015 අවුරුද්ද  2015 කියන වටිනාකම දක්වලා තියෙන්නේ දහයේ පාදයෙන්.

දශමය සංඛ්‍යා පද්ධතියේ
  • පාදය දහය වේ
  • සංඛ්‍යා දහයකින් සමන්විත වේ (0123456789)
  • එහි ස්ථානීය අගයයන් දහයේ බලයන් ය.
පහත සටහන බලන්න 457 යන සංඛ්‍යාව සෑදී ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.


  • දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පාදය වෙන්නෙ 10. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක පාදය ඒ සංඛ්‍යාව යටින් ලියන්න ඕනා.ඒත් භාවිතයේ පහසුවට දශමය සංඛ්‍යා පද්ධතියෙදි ඒක යටින් ලියන්නෙ නෑ. 
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 10 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 9. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහයේ බල වලින්. ඒ අනුව ස්ථානීය අගයයන්ගේ එකතුවෙන් 457 හැදිල තියෙන හැටි බලන්න.

Decimal Number System (ද්විමය සංඛ්‍යා පද්ධති)

සාමාන්‍යයෙන් පරිගනකයක භාවිතා වන්නේ මෙම ද්විමය සංඛ්‍යා පද්ධති වේ, පළමු පරම්පරාවේ පරිගනක වලට දත්ත ඇතුළු කිරීමේ දී සෘජු ලෙසම භාවිතාවූයේ දිවිමය සංඛ්‍යා පද්ධතියි, එය යාන්ත්‍රික භාෂාව ලෙස හැදුන්වනු ලැබූවා, නමුත් අද වන විට දියුනු හා පහසු භාෂාවන් ඇතිවී තිබුනත් පරිගනකයක අභ්‍යන්තරය තවමත් භාවිත වන්නේ මෙම ක්‍රමයම වේ. 

  • ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය වෙන්නෙ 2. ඒක අනිවාර්යයෙන් ද්විමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • ද්විමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ ඉලක්කම් 2 යි. (0,1) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 1
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දෙකේ බල වලින්. 

 

Octal Number System 


මේ අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය නම් සමහරු කලින් නොදන්න එකක් වෙන්න පුළුවන්. GIT වලදිත් මේ සංඛ්‍යා පද්ධතිය ගැන එච්චර සැළකිල්ලක් නෑ.

  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 8. ඒක අනිවාර්යයෙන් අෂ්ටමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න.
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 8 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7)
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 7. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ අටේ බල වලින්. ඒක තේරුනේ නැත්නම් උඩ තියෙන උදාහරණය බලන්න. ඒකෙ 303 කියන්නෙ ඔය දාල තියෙන අටේ පාදයේ සංඛ්‍යාව දහයේ පාදයට හැරෙව්වම ලැබෙන අගය.

Hexa-Decimal Number System


මේ සංඛ්‍යා පද්ධතිය කලින් කියපු 3 ටම වඩා වෙනස්. පරිගණක ග්‍රැෆික් නිර්මාණ තාක්ෂණයෙදි වර්ණ හඳුන්වන්න මේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. මේ දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙදි ඉලක්කම් 10ට වඩා තියෙන නිසා අගයන් ලියද්දි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා.



  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 16. ඒක අනිවාර්යයෙන් දහසයේ පාදයේ සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න. 
  • දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 15 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F) ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන ඉලක්කම් පහළ තියෙන අගයන් වලට සමාන වෙනවා.
    • A = 10
    • B = 11
    • C = 12
    • D = 13
    • E = 14
    • F = 15
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය F (15).
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහසයේ බල වලින්. ඒක තේරුනේ නැත්නම් උඩ තියෙන උදාහරණය බලන්න. ඒකෙ 2027 කියන්නෙ ඔය දාල තියෙන දහසයේ පාදයේ සංඛ්‍යාව දහයේ පාදයට හැරෙව්වම ලැබෙන අගය.

කලින් කියපු විදිහට පරිගණකය තේරුම් ගන්නෙ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි. විශාල සංඛ්‍යා ද්විමය ආකාරයෙන් කියද්දි ඒක ගොඩක් දිග එකක් වෙනවා. (457 = 1001011112) ඉතින් හඳුනා ගැනීමේ පහසුවට ඒ දිග අඩු කරලා දක්වන්න අනෙක් සංඛ්‍යා පද්ධති පරිගණක ලෝකයේ පාවිච්චි වෙනවා.

ඊලඟ පාඩම >  


2 comments:

  1. me note eka pdf widiyata download karanna kramayak thiyenawada

    ReplyDelete
  2. 65B Decimal වලින් වැරදියි

    ReplyDelete