GIT-04 LOGIC GATES තාර්කික ද්වාර

මේ යටතේ මූලික තාර්කික ද්වාර 3 හා එයින් නිර්මාණය වන්නාවූ තාර්කික ද්වාර 4 ක් පිලිබදව සාකච්චා කරනු ලැබේ.

  • මුලික තාර්කික ද්වාර

    1. AND
    2. OR
    3. NOT
  • සංයෝජිත තාර්කික ද්වාර

    1. XOR
    2. NOR
    3. NAND
    4. XNOR

 මුලින් ම මූලික ද්වාර තුන ගැන සලකා බලමු


AND Gate (AND ද්වාරය)

මෙම ද්වාරයේ ක්‍රියාව තේරුම්ගැනීම සඳහා පහත දී ඇති විද්‍යුත් පරිපථයේ ක්‍රියා කාරීත්වය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එහි C බල්බය දැල්වීම සඳහා A හ B නැමති ස්විච දෙකක් ශේණිගතව සවිකර ඇත, එනම් බල්බය දැල්වීමටනම් A හා B නැමති ස්විච දෙකම සංවෘත ON විය යුතුය. මෙම පරිපථයට යොදා ඇත්තේ ස්විච දෙකක් වුවද අවශ්‍යනම් ශ්‍රේණිගත ලෙස තවත් ස්විච එකතුකළ හැකිය.

මෙම පරිපථය ක්‍රියාකරනුයේ AND ද්වාරය ක්‍රියාකරණ ආකාරයටම වේ. AND ද්වාරයක් නිරූපණය කරන සංඛේතය පහත පරිදි ය.
මෙහි දක්වා ඇත්තේ Input හෙවත් ආදාන දෙකකි, අවශ්‍ය නම් ඊට වඩා වැඩි විය හැකිය, දැන් ඉහත පරිපථයේ පරිදි AND ද්වාරයක A හා B ON වුවහොත් පමණක් ප්‍රථිදාවය Output ON වේ, C ප්‍රථිපලය ලියා දක්වනුයේ A . B ලෙසය, එය කියවනු ලබන්නේ  A ඇන්ඩ් B ලෙසය.
මෙම ද්වාරයට අදාලව එහි විවිධ ආදානයන් ට ගැලපෙන ප්‍රථිදානයන් දැක්වෙන වගුවක් සැකසූ විට එය සත්‍යතා වගුව Truth Table ලෙස හදුන්වනු ලැබේ.  දැන් අපි AND ද්වාරයට අදාල වන සත්‍යතා වගුව සලකා බලමු,
එහි ON වීමක් 1 ලෙසද OFF වීමක් 0 ලෙසද දක්වා ඇති බව මතක තබා ගත යුතුය.
මීලඟට OR ද්වාරය ගැන සලකා බලමු

මෙවර පරිපථය පෙර එකට වඩා තරමක් වෙනස් ය, එහි වෙනස හදුනාගත හැකිදැයි බලන්න.
එහි ස්විච දෙක සමාන්තරගත බව ඔබට පෙනෙනු ඇත, ඉහත පරිපථයට හාත් පසින් වෙනස් ප්‍රථිපලයක් මෙහි ඇතිවේ, එනම්, A හා B ස්විච දෙකෙන් එකක් On වූ පසු බල්බය ON වීමයි. මෙම ද්වාරයේ සංඛේතය පහත පරිදි දැක්විය හැකි අතර, ප්‍රථ්ජිපලය C දක්වනු ලබන්නේ A+B(A ඔ B) ලෙසය. 

එහි ප්‍රථිපලයටද සත්‍යතා වගුවක් ඇදිය හැකි අතර එය පහත පරිදි දැක්විය හැකිය.




No comments:

Post a Comment