Fundamentals of ICT

තොරතුරු තාක්ෂණය ද? පරිගණක තාක්ෂණයද?
අතීතයේ මෙම විෂය පරිගනක තාක්ෂණය නැතිනම් පරිගණයක විද්‍යාව ලෙස හැඳින්වූවත් පසුව එය තොරතුරු තාක්ෂණය ලෙස වෙනස් වූවා, මන්ද පරිගණකය යනු තොරතුරු තාක්ෂණයේ භාවිතාවන මෙවලමක් මිසක වෙනත් යමක් නොවන නිසා, උදාහරනයක් ලෙස කැමරාව යනු චිත්‍රපට කර්මාන්තයේ අත්‍යවශ්‍ය මෙවලමක් මිසක එය කැමරා කර්මාන්තය ලෙසින් දැක්වීම නුසුදුසු ලෙසිනි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය (Information And Communication Technology)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු සැකසීම ගබඩාකිරීම සහ ඛෙදා හැරීම සදහා භාවිතා කරන සියලූම තාක්ෂණයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වශයෙන් හැදින්විය හැක.
පරිගණක , පරිගණක ජාල , පරිගණක ආශීත උපකරණ , දුරකථන , ෆැක්ස් , චන්ද්‍රිකා ආදිය තොරතුරු හැසිර වීම සදහා භාවිතා කරන විද්‍යුත් මාධ්‍යය වේ.


වර්තමානයේ තොරතුරු තාක්ෂණය භාවිතා වන ක්ෂේත්‍ර මොනවාද ?
ඇත්ත වශයෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා නොවන ක්ෂේත්‍රයක් හඳුනා ගැනීම අපහසු බව කිව්වොත් නිවැරිදියි.කොටින්ම කාර්යක්ෂමතාවය වැඩිවීම, නිවැරිදි භාවය, කාලය ඉතිරිවීම, විශ්වාසදායී භාවය වැඩිවීම, පිරිවැය අඩුවීම වැනි මෙකී නොකී බොහෝ ලක්ෂණ තොරතුරු තාක්ෂණය තුල ඇති නිසයි සමාජය මෙතරම් ඉක්මනින් මෙම තාක්ෂණය වැලඳ ගැනීමට හේතුව.
කොහොමටත් මුල් අවධියේදී සාම්ප්‍රදායික විදිහට මේ තාක්ෂණය පිලිඹඳ සැකයෙන් යුතුවත් බොහෝ අය කරුනු දැක්වූවා, ඇතැම් විටක මිනිසා යන්ත්‍රසූත්‍ර වල පාලනයට නතුවීමේ පලමු පියවර තබා ඇතැයි ඇතැමුන් කරුනු දැක්වූවා. "අපිටනම් ඔවා හරියන්නේ නැ කිවූ බොහෝ වැඩිහිටියන් පසු කාලයේදී තමන්ගේ බැංකු පොතේ මුදල් ලබාගැනීමට ටේලර් යන්ත්‍ර භාවිතා කරන බවත් ජංගම දුරකථන භාවිත කරමින් කෙටි පණිවුඩ යවන බවත් අපි දුටුවා". මේ සිදුවීම 10/11 වසරේ සිටින ඔබට අත්දැකීමට නොලැබුනත් ඔබගේ දෙමාපියන් මෙම පරිනාමය සියැසින් දුටු සාක්ෂි කරුවන්.
ඇතැම් රටවල් ඉතා සීග්‍රයෙන් මෙය භාවිත කලත් සමහර රටවල් මෙයට අවතීර්ණවූයේ ඉබි ගමනින්. ඔවුන්ගේ ආර්ථික තත්වය එයට හේතුවන්න ඇති නමුත් අළුත් ක්‍රමවේදයන් වලට හැඩගැසීමට ඇති නොකැමැත්තත් මෙයට බලපෑ බව නම් කිවයුතුමයි. කොහොම උනත් අවසානයේදී හනමිටි අදහස් පරාද කරගෙන ලෝකය සමග හැම රටක්ම එක හැල්මෙ දුවනවා. කාර්මික විප්ලවයට පස්සේ තොරතුරු තාක්ෂණ විපලවය කියල සමහරු කියන්නේ ඒ නිසා.
මීලඟට තොරතුරු තාක්ෂණය භාවිත වන ක්ෂේත්‍ර ටිකක් සලකලා බලමු.
ආරක්ෂක ක්ෂේත්‍රය.
මේක මුලින්ම තේරුවේ පරිගනක ඇතුළු සියළු තාක්ෂණයන් දියුනුවූයේ ප්‍රධාන වශයෙන් මෙම ක්ෂේත්‍රයේ සිදුවූ පර්යේෂණ නිසා, උදාහරනයක් ලෙස අපට නැතුවම බැරි අන්තර්ජාලයත් බිහිවුනේ ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ARPA net පර්යේෂණයක ප්‍රථිඅලයක් ලෙසයි.

වර්ථමානය වන විට මිසයිල ස්ථානගත කිරීම, ගුවනේ සිට නිරීක්ෂණය කිරීම, දුරස්ථ මෙහෙයුම් පාලනය වැනි අති නවීන ක්‍රම භාවිතා වන බව දක්නට හැකිය.
උදාහරණයක් ලෙස එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව පාකිස්ථානය තුල සිදුකල ජෙරනිමො මෙහෙයුම (බින් ලාඩන් මරා දෑමීම) සදහා තොරතුරු තාක්ෂණය භාවිත කල රූප සටහනක්.












තොරතුරු තාක්ෂණය භාවිතා වන නොයෙකුත් ක්ෂේත්‍ර
  • සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඇති තාක්ෂණික වෙනස අවම කර ගැනීම සදහා තොරතුරු තාක්ෂණය විෂය වැදගත් වේ
  • රාජ්‍යය කටයුතු සදහා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ජනතාවට විශාල සේවාවක් ඉටු කර දී තිබේ උදා -: පුද්ගල හැදුනුම් පත් , විභාග තොරතුරු දැන ගැනීමට , ඇතැම් රට වල ඡන්දය ප්‍රකාශ කීරීමට
  • තොරතුරු තාක්ෂණය සහ රාජ්‍ය එක්වූ ඊ රාජ්‍ය සංකල්පස සඳහා ශ්‍රී ලංකා රජය පිහිටවූ ආයතනය සහ ක්‍රියාකාරකම් දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවියට යන්න http://www.icta.lk/en/icta.html 
  •  
  • ලෝක ව්‍යාප්ත ජාලය තුලින් (World Wide web) රටවල් අතර ව්‍යාපාර කිරීමේ අවස්ථා පුළුල් වී තිබීම. උදාහරණ www.kapruka.com www.ebay.com
  • භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නංවා ගැනීම සදහා
  • ප්‍රවාහනයේ වැඩි දියුණුව සදහා  
  • වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් ආරෝග්‍යශාලාවල කටයුතු පහසු කිරීම
  • ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු මගින් පුද්ගල සුභසිද්ධිය සලසා ලීම

No comments:

Post a Comment